ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී සෙනෙට් මන්ත්‍රී කමිටුවක් හමුවට

ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ෆිලිප් ලෝ මේ වනවිට පාර්ලිමේන්තුවේදී සෙනෙට් මන්ත්‍රී කමිටුවක් හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිටිනවා.

අඛණ්ඩව අවස්ථා 09 කදී පොළී අනුපාතික ඉහළ දැමීම සහ එමගින් ඔස්ටේ්‍රලියානු ජන ජීවිතයට ඇතිවූ බලපෑම පිළිබඳවයි මෙහිදී ප්‍රශ්න කෙරෙන්නේ.

අද සහ හෙට දිනවලදී සංචිත බැංකු ප්‍රධානියා මෙලෙස ප්‍රකාශ ලබාදීමට නියමිතයි.

මේ අතර ඉහළ දැමූ පොළී අනුපාතික හමුවේ ණය පොළී වශයෙන් පමණක් සෑම ප්‍රධාන බැංකුවක්ම වසරකදී ඩොලර් බිලියන 14 ක අමතර ආදායමක් උපයනු ඇති බවට අද නිකුත් වූ නවතම වාර්තාවක සඳහන්.

දැනට සියයට 3.35 ක් ලෙස පවතින cah rate අගය ඉදිරියේදී තවත් ඉහළ දැමෙනු ඇති බවටද මේ අතර වාර්තා පළවනවා.

එමෙන්ම සැප්තැම්බර් මාසයෙන් පසු ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ෆිලිප් ලෝ ගේ ධුර කාලය දීර්ඝ නොකෙරෙනු ඇති බවද සඳහන්.

 

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »