
ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධ නීති දැඩි කරන්නැයි ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම වෛද්‍ය සංගමය වන ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සම්මේලනය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා.
ඒ අනුව තනි පුද්ගලයන් විසින් ආනයනය – භාවිත කල හැකි නිකොටීන් ප්‍රමාණය සහ ළමුන් ඉලක්ක කල ප්‍රචාරණය පිළිබඳ අවධානය යොමුකරන ලෙසයි ඔවුන් දන්වා ඇත්තේ.
බාල වයස්කරුවන් ඉලෙක්ට්‍රොනික දුම්වැටි සඳහා නැඹුරුවීම වළක්වාලීමට පියවර ගන්නා ලෙසටද ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සම්මේලනය ඉදිරිපත් කර ඇති යෝජනා අතරට අයත්.

ඔස්ටේ්‍රලියාව තුළ දැනට ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිත කරන පිරිස ලක්ෂ 11 කට අධික බවයි පැවසෙන්නේ.
එයින් සැළකිය යුතු පිරිසක් බාල වයස්කරුවන් සහ කාන්තාවන් බවටයි අනාවරණ වී ඇත්තේ.
