Search

ක්වීන්ස්ලන්ඩ් රියදුරු බලපත්‍රය නොමිළයේ ගැනීමට තවත් සති 02 ක්

ඔප්ටස් දත්ත වංචාවට හසුවූ ක්වීන්ස්ලන්ඩ් රියදුරන්ට නව රියදුරු බලපත්‍රයක් නොමිළයේ ලබාගැනීමට තවත් සති 02 ක කාලයක් ලබාදී තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා එලෙස නව රියදුරු බලපත් 183,000 ක් පමණ නිකුත් කර ඇති බව සඳහන්.

ඔප්ටස් සයිබර් වංචාවත් සමග නව රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමටත් ඊට තාක්ෂණික ක්‍රමවේද කිහිපයක් අන්තර්ගත කිරීමටත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය පියවර ගනු ලැබුවා.

මාර්තු පළමුවනදා තෙක් නොමිළයේ ලබාගත හැකි වුවද දැනට ඇති පැරණි රියදුරු බලපත්‍රය වෙනුවට ඉන් පසු අයදුම්කරන සෑම රියදුරු බලපත්‍රයක් සඳහාම ඩොලර් 82.10 ක මුදලක් අය කිරීමට නියමිතයි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයට අනුව එක් දිනයකදී නිකුත් කල හැකි උපරිම රියදුරු බලපත් සංඛ්‍යාව 15,000 ක් වනවා.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »