Search

ඔස්ටේ්‍රලියානුවන් අඩු මිළ විවාහ උත්සව සඳහා යොමුවීම ඉහළට

වියදම් අවම කර ගැනීමේ අරමුණ ඇතිව ඔස්ටේ්‍රලියානු තරුණ තරුණියන් අඩු මිළ විවාහ උත්සව සඳහා යොමුවීම ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයට යෙදී තිබූ වැලන්ටයින් දිනයට සමගාමීව යුවළ 32 ක් සිඩ්නි ඔපෙරා ශාලාව අසළදී විවාහ වූ අතර ඔවුන් එක් යුවළකට වැයවී තිබුණේ ඩොලර් 1,000 කට ආසන්න මුදලක් පමණයි.

සාමාන්‍ය විවාහ මංගල්‍ය උත්සවයක් සඳහා ඩොලර් 36,000 කට ආසන්න මුදලක් වැය වනවා.

2021 වසරේ සිට මේ දක්වා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළදී මෙලෙස විවාහ උත්සව 397 ක් පවත්වා තිබෙනවා.

මෙම අඩු පිරිවැය විවාහ උත්සවයකට සහභාගී විය හැකි වනුයේ අමුත්තන් 35 දෙනෙකුට පමණයි.

ඉදිරියේදී මේ සම්බන්ධව තවත් පැකේජ කිහිපයක් හඳුන්වාදීමටයි නිවු සවුත් වේල්ස් බළධාරීන් සූදානමින් පසුවන්නේ.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »