වැලන්ටයින් වංචා ගැන ඔස්ටේ්‍රලියානුවන්ට යළි සිහි කැඳවීමක්

අද දිනයට යෙදී ඇති වැලන්ටයින් දිනය ඉලක්ක කර ක්‍රියාත්මක විවිධ ඔන්ලයින් වංචාවලට හසුවීමෙන් වළකින ලෙස ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම්දීමක් සිදුකෙරෙනවා.

රෝස මල් – චොකලට් – ජංගම දුරකථන වැනි විවිධ දීමනා ලබාදෙන මුවාවෙන් සහ dating ඇප්ලිකේෂන හරහා ආදරවන්තයන්ගේ දිනයට අදාළව සිදුකරන වංචා රැසක් පිළිබඳ පැමිණිලි ලැබෙමින් පවතින බව සඳහන්.

පසුගිය වසරේදී ආදර සබඳතා සම්බන්ධ විවිධ වංචා හමුවේ ඔස්ටේ්‍රලියානුවන් විසින් අහිමි කරගෙන තිබූ මුදල ඩොලර් මිලියන 40 කට අධිකයි.

කෙසේවෙතත් වාර්තා නොවු සිදුවීම්ද සළකා බැලීමේදී වංචාවට ලක්ව ඇති පිරිස සහ මුදල් ප්‍රමාණය මීට වඩා වැඩි බවයි පැවසෙන්නේ.

dating ඇප්ලිකේෂන හරහා මිතුරුවන ඇතැමුන් ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදුකරන වංචාවන් හි ඉහළයාමක්ද මේ වනවිට වාර්තා වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »