
ශිෂ්‍ය හැඳුනුම්පත් කාඩ්පත අහෝසි කර ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වාදෙන ඔස්ටේ්‍රලියාවේ පළමු විශ්ව විද්‍යාලය බවට මොනෑෂ් විශ්ව විද්‍යාලය පත්වී තිබෙනවා.
මේ අනුව සිසුන් සහ කාර්ය මණ්ඩලයට ස්මාර්ට් දුරකථනය හෝ ඇපල් වොච් භාවිත කර ගොඩනැගිලිවලට පිවිසීම ඇතුලු කාර්යයන් සිදුකල හැකි වනු ඇති.
නිවු සවුත් වේල්ස් – දකුණු ඔස්ටේ්‍රලියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ක්‍රියාත්මක වන ඩිජිටල් රියදුරු බලපත් ක්‍රමය හා සමානව මෙය ක්‍රියාත්මක වනවා.

මුද්‍රණ කටයුතු සිදුකිරීම මෙන්ම ඇතැම් ගෙවීම් සඳහාද මෙම ඩිජිටල් හැඳුනුම්පත භාවිත කල හැකි බවයි පැවසෙන්නේ.
හැඳුනුම්පත් කාඩ්පත් සඳහා දැරීමට සිදුවන අධික වියදම පාලනය මෙන්ම පරිසර දූෂණය අවම වීම සැළකිල්ලට ගෙන මෙම ක්‍රමයට යොමුවූ බව මොනෑෂ් විශ්ව විද්‍යාලය සඳහන් කරනවා.
