අද පාස්පෝට් ගන්න යන්න සිටි අයට විශේෂ දැනුම්දීමක්

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අද දිනයේ (14) වේලාවක් වෙන් කරගත් පුද්ගලයින්ට පැමිණීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලූක්පිටිය ප්‍රකාශ කළේ, අද (14) දිනයේ පැමිණීමට නියමිත අයැදුම්කරුවන් හෙට (15) දිනයේ පැමිණිය යුතු බවයි.

හෙට (15) දින පැමිණිමට නියමිත අයදුම්කරුවන් ඊට පසු දිනයේත් වන ආකාරයෙන් දැනට වේලාව වෙන් කර ඇති දිනට පසු දින කාර්යාලයට පැමිණෙන්නැයි ආගමන විගමන පාලක ජනරාල්වරයා දැනුම් දෙනවා.

මේ අනුව 17 වන සිකුරාදා දිනයේ වේලාව වෙන් කර ගෙන ඇති අයැදුම්කරුවන්ට 18 වන සෙනසුරාදා දිනයේ කාර්යාලයට පැමිණ සේවාව ලබා ගත හැකියි.

පරිඝණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ඊයේ පෙරවරු 10.30 සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිම ඇනහිටි අතර මේ හේතුවෙන් එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව තිබුණා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »