
නිවාස උකස් ණය ගෙවන ඔස්ටේ්‍රලියානුවන් අතුරින් 1/8 ක් පමණ පසුගිය මාස 06 තුළදී එක් අවස්ථාවකදී හෝ වාරික ගෙවීම පැහැර හැර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
අඛණ්ඩව සිදුකරන පොළී අනුපාතික ඉහළ දැමීම් හමුවේ වාරික අගයන් ඉහළයාම මීට මූලික හේතුවයි.
අවස්ථා 09 කදී වැඩිකල පොළී අනුපාතික හමුවේ ඩොලර් ලක්ෂ 06 ක නිවාස ණයක් ගෙන තිබූ අයෙකුගේ මේ වනවිට වාරික ඉහළයාම ඩොලර් 1000 කට ආසන්න වී ඇති බව සඳහන්.

මේ අතර උකස් ණය වාරික ගෙවන්නන් අතුරින් සියයට 25 ක් පමණ පවසා ඇත්තේ ඉදිරියේදී තමන්ට එක් වාරිකයක් හෝ ගෙවාගත නොහැකි වනු ඇති බවට බියක් පවතින බවයි.
ඉදිරි මාස 06 තුළදී එය සිදුවනු ඇති බවට අදහස් දක්වා තිබූ ප්‍රමාණය 1/7 ක් බවයි පැවසෙන්නේ.
