ඔප්ටස් – මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාර ගැන රහසිගත විමර්ශනයක්

ඔප්ටස් සහ මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් ආරම්භ කරන ලෙස අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් විශේෂ කොමිසමක් පත් කර තිබෙනවා.

මෙම දත්ත සොරා ගැනීම් පිළිබඳ මූලික පරීක්ෂණවල වාර්තා සළකා බැලීමෙන් අනතුරුවයි අගමැතිවරයා විසින් මෙම පියවර ගෙන ඇත්තේ.

මිලියන ගණනකට බලපෑම් එල්ලවූ මෙම සයිබර් ප්‍රහාර වළක්වා ගැනීමට නොහැකිවූයේ ඇයිද යන්න පිළිබඳ මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරෙනු ඇති.

මෙඩිබෑන්ක් දත්ත වංචාව පිටුපස රුසියානු සයිබර් අපරාධකරුවන් සිටින බවටයි ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසින් මාස කිහිපයකට පෙර තහවුරු කරගනු ලැබුවේ.

එහිදී මිලියන 10 කට ආසන්න පිරිසක් බලපෑමට ලක්වූ අතර 480,000 ක පමණ පිරිසකගේ අතිශය සංවේදී දත්ත අන්තර්ජාලයට මුදා හැර තිබුණා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »