Search

මෙල්බන් – කොළඹ ගුවන් යානයේදී කතකගේ දිවි බේරූ වෛද්‍යවරිය

මෙල්බන් සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි වයෝවෘද්ධ කාන්තාවකට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබා දී ඇයගේ ජීවිතය ආරක්ෂා කර දීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක සමත්ව තිබෙනවා.

වෛද්‍ය පහසුකම් නොමැති උඩු ගුවනේදී එම කර්තව්‍යයට දායක වී ඇත්තේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් වන මනෝරි ගමගේයි.

මෙල්බන් සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානාවක සිටි 85 හැවිරිදි කාන්තාවක හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙලී තිබෙනවා.

එම අවස්ථාවේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය නිවේදනය කර ඇත්තේ වෛද්‍යවරයෙකු හෝ වෛද්‍යමය ආධාර දිය හැකි පුද්ගලයෙකු සිටී නම් සිය කාර්ය මණ්ඩලය දැනුවත් කරන ලෙසයි.

ඒ අනුව ඉදිරිපත් වූ මනෝරි ගමගේ නමැති වෛද්‍යවරිය හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු වයෝවෘද්ධ කාන්තාවට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදී තිබෙනවා.

වයෝවෘද්ධ කාන්තාවගේ දිවි ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරිය ගුවන් යානයේ සිටි සියලූ මගීන්ගේ ගෞරවයට පාත්‍ර වූ බව සඳහන්.

SOURCE – NETH NEWS

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »