Search

විදේශික සේවකයන්ට අඩු වැටුප් ගෙවූ කම්කරු සේවා ආයතනයකට වැඩ වරදී

විදේශික සේවකයන්ට නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් වැටුප් ගෙවන ලද ක්වීන්ස්ලන්ඩ් හි කම්කරු සේවා ආයතනයකට එරෙහිව Fair Work Ombudsman විසින් නීතිමය පියවර ගෙන තිබෙනවා.

උතුරු ක්වීන්ස්ලන්ඩ් හි ගොවිපොළ වෙත කම්කරුවන් සැපයීම ඔවුන් විසින් සිදුකර ඇති අතර ඩොලර් 50,000 කට ආසන්න මුදලක් ඔවුන් විසින් සේවකයන්ට ගෙවීම පැහැර හැර ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

2018 වසරේ දෙසැම්බර් මාසයේ සිට 2020 වසරේ මැයි මාසය දක්වා විදේශීය සේවකයන් 87 දෙනෙකුට මෙලෙස අඩු වැටුප් ගෙවා ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

නවාතැන් පහසුකම් සඳහා යැයි පවසමින් ඩොලර් 42,000 ක මුදලක් වගඋත්තරකාර කම්කරු සේවා ආයතනය විසින් ලබාගෙන ඇති අතර එය නීති විරෝධි බවට Fair Work Ombudsman විසින් තීන්දු කර තිබෙනවා.

ප්‍රවාහන ගාස්තු සඳහා මුදල් අය කර ගැනීම – ඉරිදා දින අතිකාල සඳහා මුදල් නොගෙවීම වැනි කටයුතු සම්බන්ධයෙන්ද මෙම ආයතනයට එරෙහිව චෝදනා පවතිනවා.

එක් එක් සේවකයා වෙනුවෙන් වෙන වෙනම චෝදනා ගොණු කර ඇති අතර වරදකරු බවට පත්වුවහොත් එක් චෝදනාවකට ඩොලර් 63,000 ක උපරිම දඩයකට යටත්වීමට කම්කරු සේවා ආයතනයට සිදුවනවා.

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »