
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග ගාස්තු සතියකට ඩොලර් 60 ක උපරිමයකට යටත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ප්‍රාන්ත ලේබර් පක්ෂය පවසන්නේ ලබන මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් බලයට පත්වුවහොත් එළඹෙන වසරේ ජනවාරි පළමුවනදා සිට එම යෝජනාව ක්‍රියාත්මක කරන බවයි.
වසර 02 ක කාලයක් සඳහා එය බලාත්මක කෙරෙන අතර මේ හරහා නිවු සවුත් වේල්ස් රියදුරන්ට ලබාදීමට යෝජිත සහනය ඩොලර් මිලියන 150 ක්.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වත්මන් පාලක පක්ෂය වන ලිබරල් සන්ධානය සඳහන් කලේ සිය රජයක් යටතේ 2025 වසරේදී මාර්ග ගාස්තු පූර්ණ වෙනසකට ලක් කරන බවයි.
ඒ අනුව ගාස්තු අඩු කිරීමක් සිදුකරන බවද ඔහු ප්‍රකාශ කලා.
