Child care සහනය නිසා ශ්‍රම බලකාය ඉහළ යන ළකුණු

child care සහනාධාරය ඉහළ දැමීමත් සමග නැවත ශ්‍රම බලකායට එක්වන ඔස්ටේ්‍රලියානුවන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

දළ වශයෙන් පවුල් ලක්ෂ 12 කට පමණ මෙමගින් සහන හිමිවනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

ඒ අනුව ආසන්න වශයෙන් පුද්ගලයන් 38,500 ක් පමණ යළි රැකියා සඳහා සම්බන්ධ වනු ඇති බව සඳහන්.

නව child care නීති අනුව ඩොලර් 80,000 ට අඩු ආදායම් ලබන පවුල් සඳහා ලබන වසරේ ජූලි මාසයේ සිට child care සහනාධාරය සියයට 85 සිට සියයට 90 දක්වා ඉහළ දැමෙනු ඇති.

ආදායම වැඩිවන සෑම ඩොලර් 5000 ක් සඳහාම child care සහනය සියයට 01 බැගින් අඩුවන අතර ඩොලර් 530,000 ක් හෝ ඊට වැඩි ආදායමක් ලබන පවුල් සඳහා සහනාධාරයක් හිමිවන්නේ නැහැ.

ඩොලර් 120,000 ක ආදායමක් ලබන පවුලකට දැනට හිමිවන child care සහනාධාරය සියයට 71 ක් වන අතර ලබන ජූලි මාසයේ සිට එය සියයට 82 දක්වා ඉහළ යාමට නියමිතයි.

පසුගිය මැතිවරණ සමයේදී ලේබර් පක්ෂය ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් අනුවයි මෙම නීති සම්මත කර ගැණුනේ.

child care ගාස්තු නියාමනයට පාරිභෝගික කොමිසමට වැඩි බලතල හිමිවීමද නව නීති අතර වනවා.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »