Vape හමුවේ රෝහල්ගත වන ඔස්ටේ්‍රලියානුවන් ඉහළට

Vape උපකරණ භාවිතය හමුවේ විවිධ රෝගාබාධවලට ලක්ව රෝහල්ගත කරන පුද්ගලයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.

ඉන් වැඩි පිරිසක් පාසල් යන වයසේ ළමුන් බවයි ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

අදාළ උපකරණවල අඩංගු ඇතැම් රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරට හිතකර නොවීම මීට ප්‍රධාන හේතුවයි.

සාමාන්‍ය දුම්වැටිවල අඩංගු නිකොටීන් වැනි අහිතකර රසායනික ද්‍රව්‍ය vape උපකරණවල අඩංගු නැතැයි පැවසුවද එය සත්‍යයක් නොවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඉතා මෑතකදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණ වී තිබුණේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි 100 ක් අතුරින් 52 කම ලේබලයේ නිවැරදි තොරතුරු සටහන් කර නොතිබූ බවයි.

ගතවු වසර 02 තුළදී ඔස්ටේ්‍රලියාව තුළ vape උපකරණ භාවිතය සියයට 486 කින් පමණ ඉහළ ගොස් ඇතැයි මෑතකදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණ වී තිබුණා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »