ඝර්ම – මෙල්බන් හි ලාංකිකයෙකුගෙන් අමුතුම ග්‍රන්ථයක්

ශ්‍රී ලංකාවේ උපත ලබා දැනට ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ගත් කතුවරයෙකු වන තිලංග ෆොන්සේකා අද AusලංකාTV සමග කථාබහට එක්වන්නේ ඔහුගේ නවතම කෘතිය වන ඝර්ම පිළිබඳ වැඩිදුර අදහස් දැක්වීම සඳහායි.

අපිට ඝර්ම පිළිබඳ මූලික පැහැදිලි කිරීමක් කලහොත් ?

මේක නවකථාවක්. මේක මගේ පළමු කෘතියයි. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ සමාජ දේශපාලනය තුළ සිදුවන සිදුවීම් මාලාවක් මට පාදක වි තිබෙනවා. පහළ මධ්‍යම පංතික පවුලක ළමුන් 03 දෙනෙකු වටා මේ කථාව දිග හැරෙනවා. තමන්ට අහිමිවූ අධ්‍යාපනය ළමුන්ට ලබාදෙන්න දෙමව්පියන් කටයුතු කරනවා.

පවුලේ දෙවැනි දරුවා ඒ කියන්නේ පුත්‍රයාගේ නම තීර්ථ. ඔහු කාල තරණය කරනවා. ඒකට හේතුවක් තියෙනවා. තමන්ගේ අම්මා හා තාත්තාගේ විවාහයෙන් පස්සේ මුත්තා අම්මාව පවුලෙන් අයින් කරනවා. පුතා (තීර්ථ) ට මේ සම්බන්ධයෙන් වෛරයක් ගොඩ නැගෙනවා. ඔහු කල්පනා කරනවා තමන් කාල තරණය කරලා එතකොට තමන්ගේ වයසේ ඉන්න මුත්තාව මැරුවොත් මේ ගැටලුව විසඳේවි කියලා. ඒ අනුව තමයි ඔහු සිහිනයක් මවා ගන්නේ

එතැනින් එහාට සිදුවන දේ දැන ගන්න නම් ඔබ ඝර්ම කියවිය යුතුමයි.

කොහොමද ඝර්ම අපිට මිළදී ගන්න පුලුවන් ?

www.yaaya.com.au යන වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පොත ඔබට මිළදී ගන්න පුලුවන්. ඒ වගේම තමයි 0061 423 366 498 අංකයෙන් මා හා සම්බන්ධ වෙන්නත් පුලුවන් ඕනෑම අයෙකුට මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට.

කතුවරයා පිළිබඳව

තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙනුයේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි.

එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්ව විද්‍යාලයෙනි. ඔහු වර්තමානයේ ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් නුවර වාසය කරමින් නීති වෘත්තියේද නිරත වී සිටී.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »