පොළී අනුපාතික අගයන් ඉහළයාම ලබන වසර තුළදීත්

පොළී අනුපාතික අගයන් ඉහළයාම ලබන වසර තුළදීත් සිදුවිය හැකි බවට ෆෙඩරල් සංචිත බැංකුව අනතුරු අගවනවා.

උද්ධමනය ඉහළයාම ඊට හේතුව බවයි ඔවුන් අද නිකුත් කල වාර්තාවක සඳහන් වන්නේ.

පළමුවෙන් අනාවැකි පළවී තිබුණේ මෙම වසරේ අගෝස්තු මාසය දක්වා පොළී අනුපාතික වැඩිවිය හැකි බවටයි.

කෙසේවෙතත් ආර්ථික තත්වය අයහපත් විය හැකි බැවින් පොළී අනුපාතික අගයන් තවත් ඉහළ යා හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ අගය උද්ධමනය පවතින්නේ සියයට 7.8 ක් ලෙසයි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »