
සිඩ්නි නගරයේ නිවාස සහ කුළී ගාස්තු ඉහළ යාම හමුවේ වෙනත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වන පිරිස සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේදී පමණක් එලෙස නගරය අතහැර ගිය සංඛ්‍යාව 40,000 ඉක්මවා ගොස් ඇති බවයි විගණන සමාගමක් විසින් කරනු ලැබූ අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ.
ආහාර පාන – විදුලිය සහ ප්‍රවාහන ගාස්තු ඉහළ අගයක් ගැනීමද මේ සඳහාා සෘජුව බලපා ඇති බවයි පැවසෙන්නේ.

2022 වසරේදී සිඩ්නි නගරයේ උද්ධමනය සියයට 7.7 ක් ලෙස පැවති අතර එය 1990 වසරෙන් පසු වාර්තා වූ ඉහළම අගයද වනවා.
ගෘහ භාණ්ඩ මිළ සියයට 10.8 කින් – ආහාර සහ මධ්‍යසාර නොවන පාන වර්ග මිළ සියයට 09 කින් සහ විදුලි ගාස්තු සියයට 07 කින් මෙම වකවානුවේදී වැඩවී ඇති බවයි අනාවරණ වන්නේ.
