
ඔස්ටේ්‍රලියාව පුරා regional කලාපවල බැංකු ශාඛා වසා දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
ආර්ථිකමය අලාභ සහ මෙහෙයුම් පවත්වාගෙන යාමේ දුෂ්කරතා හමුවේ පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා බැංකු ශාඛා 80 කට වැඩි සංඛ්‍යාවක් වසා දමා ඇති බවයි පැවසෙන්නේ.
ඊට සැබෑ හේතු කවරේදැයි සහ මෙම තත්වයෙන් ගණුදෙනුකරුව්නට වන බලපෑම පිලිබඳවයි සෙනෙට් සභාව විසින් සිදුකරන මෙම විමර්ශනයේදී විමසා බැලීමට නියමිතව ඇත්තේ.

මෙහි අවසාන වාර්තාව ලබන දෙසැම්බර් පළමුවනදා වනවිට නිකුත් කිරීමට නියමිතයි.
ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන බැංකු 04 ම මේ වනවිට regional කලාපවල තෝරාගත් බැංකු ශාඛා වසා දමා ඇති අතර ඇතැම් ප්‍රදේශවල එකදු බැංකු ශාඛාවක් හෝ නොමැති බවටයි චෝදනා එල්ල වන්නේ.
