නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට එළඹෙන සති අන්තයේ ගිගුරුම් සහිත වැසි!

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට එළඹෙන සති අන්තයේ ගිගුරුම් සහිත වැසි!  

BOM weather radar warns of flash floods, wild winds for NSW weekend!

එළඹෙන සති අන්තයේ NSW හි සමහර ප්‍රදේශ සඳහා ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය දැනුම් දේ.  තවද සමහර ප්‍රදේශවල​​ හදිසි ගංවතුර තත්ව​ හා හානිකර සුළං ඇති වීමට වැඩි ප්‍රවණතාවයක් ඇති අතර ප්‍රාන්තයේ සෑම අස්සක් මුල්ලක් නෑරම වර්ෂාව අපේක්ෂා කළ හැකිය.

කාලගුණ විද්‍යා කාර්යාංශයේ හෙලන් රීඩ් සිකුරාදා පැවසුවේ NSW හි විශේෂයෙන් සෙනසුරාදා ඉතාමත් සුළු ප්‍රදේශ කිහිපයක් පමණක් වර්ෂාව රහිතව පවතින බවයි.

ගිගුරුම් සහිත වර්ෂාපතනය සෑම තැනටම එක ලෙස බල නොපාන අතර​ සෑම තැනකම මිලිමීටර් 5 ත් 10 ත් අතර වර්ෂාපතනයක් පැතිරෙනු ඇතැයි අපේක්ෂා කරන අතර සමහර ප්‍රදේශවල “ගංවතුර හානිකර සුළං” පුරෝකථනය කර ඇති බව ඇය පැවසුවාය.

උතුරු එන්එස්ඩබ්ලිව් ඇතුළු ප්‍රාන්තයේ සමහර ප්‍රදේශ සඳහා දැඩි කුණාටු අපේක්ෂා කරන අතර, අවට ස්ථානවලට ඉතා සුළු බලපෑමක් අත්විඳිය හැකිය.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »