නීති විරෝධි මත්ද්‍රව්‍ය චෝදනා වසර 14 කට පසු අවම අගයට

නීති විරෝධි මත්ද්‍රව්‍ය චෝදනා මත නීතිමය පියවර ගනු ලැබූ ඔස්ටේ්‍රලියානුවන් සංඛ්‍යාව වසර 14 කට පසු අවම අගය වාර්තා කර තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති වාර්තාවල දැක්වෙන්නේ 2021-22 වසර තුළදී එලෙස චෝදනා ගොණු කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 50,920 ක් වන බවයි.

එය පෙර වසර හා සැසඳීමේදී සියයට 19 ක පහලයාමක් වන අතර 2015 වසරට පසු අඛණ්ඩව 06 වන වරටත් සටහන් වූ අඩුම චූදිතයන් සංඛ්‍යාව විමද විශේෂත්වයක්.

2020 වසර හා සැසඳීමේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය චෝදනා වැඩිම අගයකින් අඩුවී ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේයි.

දකුණු ඔස්ටේ්‍රලියාව සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පිළිවෙලින් 02 වන සහ 03 වන ස්ථාන අත්කරගෙන තිබෙනවා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »