ඔස්ටේ්‍රලියාව ආර්ථික අවපාතයක් කරා යාම ඉක්මන් වන ළකුණු

දිගින් දිගටම සිදුකරන පොළී අනුපාතික අගයන් ඉහළ දැමීම හමුවේ ඔස්ටේ්‍රලියාව ආර්ථික අවපාතයක් කරා ගමන් කිරීම ඉක්මන් වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අගවනවා.

වසර අවසන්වීමට පෙර මෙරට ආර්ථිකය අවපාතයක් කරා යොමුවීමට ඇති සමභාවිතාව සියයට 70 ක් වැනි ඉහළ අගයක පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම තත්වය වළක්වාලීම සඳහා ෆෙඩරල් රජය විසින් ඊයේ සිටම පියවර කිහිපයක් ආරම්භ කරනු ලැබ ඇති අතර එහි එක් අධියරක් වන්නේ අඩු මිළ නිවාස 30,000 ක් ඉදි කිරීමයි.

මේ අතර ෆෙඩරල් සංචිත බැංකුවේ ප්‍රධානී ෆිලිප් ලෝ ගේ ධුර කාලය ලබන සැප්තැම්බර් මාසයෙන් අවසන්වීමට නියමිතයි.

එය දීර්ඝ නොකෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »