ඔස්ටේ්රලියාව පුරා රෝහල්වල සැත්කම් පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදුවන කාලය තවමත් ඉහළ අගයක පවතින බවට අනාවරණය වනවා.
ඇතැම් ජීවිතාරක්ෂක සැත්කම් වෙනුවෙන් බලා සිටීමට සිදුවන කාලය වසරකට ආසන්න බවයි නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.
මෙම තත්වය හමුවේ රෝගීන් කායිකව මෙන්ම මානසිකවද බලපෑමට ලක්වන බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.
සැත්කම් ප්‍රමාදය පිළිබඳව ෆෙඩරල් රජය වහා නිසි පියවරක් ගත යුතු බව මෙමගින් නැවතත් අවධාරණය කෙරෙනවා.
එසේ නොවුවහොත් ලබන ජූනි මාසය වනවිට සැත්කම් අපේක්ෂාවෙන් සිටින පිරිස ලක්ෂ 05 කට ආසන්න වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.