වැලන්ටයින් ඔන්ලයින් වංචා ගැන ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම්දීමක්

වැලන්ටයින් දිනය ඉලක්ක කර ක්‍රියාත්මක විවිධ ඔන්ලයින් වංචාවලට හසුවීමෙන් වළකින ලෙස ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම්දීමක් සිදුකෙරෙනවා.

විවිධ දීමනා ලබාදෙන මුවාවෙන් සහ dating ඇප්ලිකේෂන හරහා ආදරවන්තයන්ගේ දිනයට අදාළව සිදුකරන වංචා රැසක් පිළිබඳ පැමිණිලි ලැබෙමින් පවතින බව සඳහන්.

dating ඇප්ලිකේෂන හරහා මිතුරුවන ඇතැමුන් ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදුකරන වංචාවන් හි ඉහළයාමක්ද මේ වනවිට වාර්තා වී තිබෙනවා.

පසුගිය වසරේදී ආදර සබඳතා සම්බන්ධ විවිධ වංචා හමුවේ ඔස්ටේ්‍රලියානුවන් විසින් අහිමි කරගෙන තිබූ මුදල ඩොලර් මිලියන 40 කට අධිකයි.

කෙසේවෙතත් වාර්තා නොවු සිදුවීම්ද සළකා බැලීමේදී වංචාවට ලක්ව ඇති පිරිස සහ මුදල් ප්‍රමාණය මීට වඩා වැඩි බවයි පැවසෙන්නේ.

 

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »