Search

ශේන් වොන් ගේ අවසන් කැමැත්ත හෙළි කෙරේ

පසුගිය වසරේ මාර්තු මාසයේදී තායිලන්තයේදී මරණයට පත්වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන්ගේ අවසන් කැමැත්ත නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහුට අයත්ව තිබූ ඩොලර් මිලියන 20 ක් වටිනා ඉඩම් යායක් දරුවන් 03 දෙනා අතරේ බෙදී යාමට නියමිතයි.

එහි සියයට 7.5 ක ප්‍රමාණයක් සිය සහෝදරයා ඇතුලු ඥාතීන් 03 දෙනෙකු වෙත පවරාදීමටද ශේන් වෝන් කටයුතු කර තිබෙනවා.

ශේන් වෝන් ගේ හිටපු බිරිඳ හට සිය දේපළවලින් කිසිවක් පවරාදීමට ඔහු පියවර ගෙන නොමැතිවීම විශේෂත්වයක්.

මර්සිඩීස් බෙන්ස් මෝටර් රථයක් ඇතුළු තමාගේ සියලු වාහන පුත්‍රයා වන ජැක්සන් හට පැවරීමට ෂේන් වෝන් අවසාන කැමති පත්‍රයේ සටහන් කර තිබෙනවා.

එමෙන්ම පුද්ගලික ණය – කොටස් හිමිකාරීත්වය සහ බැංකු ගිණුම් වල ශේෂය බෙදී යන ආකාරයද මෙහි අන්තර්ගතයි.

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »