ක්වීන්ස්ලන්ඩ් වෙත සුළි කුණාටුවක් – සිඩ්නි මහ වැසි

ග්‍රේබියල් නම් සුළි කුණාටුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශ කිහිපයකට දරුණු බලපෑම් එල්ලවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

අද පෙරවරුවේ එය කෙයාර්න්ස් නගරයට කිලෝමීටර් 800 ක් පමණ දුරින් ස්ථානගතව තිබූ බවයි කාළගුණ අංශ සඳහන් කලේ.

සති අන්තය වනවිට එය තවදුරටත් වර්ධනය වී ගොඩබිමට ඇතුලුවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

සුළි කුණාටු තත්වය හමුවේ හැකිතාක් ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙසයි ක්වීන්ස්ලන්ඩ් වෙරළාරක්ෂක ජනතාවට දැනුම්දීමක් සිදු කෙරෙන්නේ.

මේ අතර අද පස්වරුවේ සිට සිඩ්නි නගරයට ධාරාණිපාත වැසි තත්වයක් ඇති විය හැකි බවටද අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »