රටවල් 02 කට සතියක් පුරා Vodafone වෙතින් නොමිළයේ ඇමතුම්

ඉදිරි සතියක කාලය තුළදී ඔස්ටේ්‍රලියාවේ සිට තුර්කියට සහ සිරියාවට ලබාගන්නා දුරකථන ඇමතුම් සඳහා ගාස්තු අය නොකිරීමට මෙරට ප්‍රධාන දුරකථන සමාගමක් වන වෝඩාෆෝන් (Vodafone) සමාගම තීරණය කර තිබෙනවා.

එම කලාපයට බලපෑ දරුණු භූමිකම්පාව හමුවේ හිත මිතුරන්ගේ සහ ඥාතීන්ගේ සුවදුක් විමසීම සඳහා ඔස්ටේ්‍රලියානුවන්ට ලබාදෙන උපකාරයක් ලෙසයි මෙම පියවර ගෙන ඇත්තේ.

මේ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලබන 16 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා සිරියාවට සහ තුර්කියට නොමිළයේ ජාත්‍යන්තර ඇමතුම් ලබාගැනීමට පෙර ගෙවුම් සහ පසු ගෙවුම් Vodafone පරිශීලකයන්ට අවස්ථාව උදාවනවා.

කෙසේවෙතත් සාමාන්‍ය ඇමතුම් සඳහා පමණක් මෙම වරප්‍රසාදය හිමිවන අතර වීඩියෝ ඇමතුම් සඳහා නියමිත පරිදි ගාස්තු අය කෙරෙනු ඇති.

තුර්කි – සිරියා භූමිකම්පාවේ මරණ සංඛ්‍යාව මේ වනවිට 12,000 ඉක්මවා ගොස් තිබෙනවා.

අදාළ කලාපයේ සිටි ඔස්ටේ්‍රලියානුවන් 04 දෙනෙකු අතුරින් එක් අයෙකු මියගොස් ඇති අතර අනෙක් 03 දෙනා පිළිබඳ තවමත් කිසිදු තොරතුරක් නොමැති බවයි විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »