ඔස්ටේ්‍රලියානු රජයේ කාර්යාලවල චීන CCTV කැමරා ඉවත් කරයි

ඔස්ටේ්‍රලියානු රජයේ කාර්යාලවල ස්ථාපිත කර ඇති චීනයේ නිෂ්පාදිත සියලුම CCTV කැමරා ගලවා ඉවත් කරන ලෙස ආරක්ෂක ඇමති රිචර්ඩ් මාර්ල්ස් නියෝග කර තිබෙනවා.

සංවේදී තොරතුරු චීනය විසින් ලබාගන්නා බවට වන සැකයක් මත මෙම පියවර ගන්නා බවයි ඔහු සඳහන් කලේ.

චීන රජය සමග සෘජුව සබඳතා පවතින සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද CCTV කැමරා 1000 ක් පමණ ඔස්ටේ්‍රලියානු රජයේ කාර්යාලවල පවතින බවටයි අනාවරණ වී ඇත්තේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හැර අනෙකුත් සෑම රජයේ කාර්යාලයකම එවැනි කැමරා ඇති බවයි විගණනයකදී අනාවරණ වී ඇත්තේ.

චීනය විසින් සංවේදී තොරතුරු ලබාගන්නා බවට වන සැකයක් මත කැන්බරා හි පිහිටා ඇති ඔස්ටේ්‍රලියානු යුධ ස්මාරකයේ ස්ථාපිත කර ඇති CCTV කැමරා 11 ක් ඉවත් කිරීමට පසුගියදා පියවර ගැණුනා.

අනතුරුව සිදුකල විගණනයකදීයි එවැනි තවත් කැමරා ඔස්ටේ්‍රලියානු රජයේ කාර්යාලවල ඇති බවට හඳුනාගෙන ඇත්තේ.

මෙරටට 5G තාක්ෂණය සැපයීමට උත්සාහ කල චීන සමාගමක් වන හුවාවි සමාගම තහනම් කළ ලොව පළමු රට බවට ඔස්ටේ්‍රලියාව පත් වූයේද චීනය විසින් රහසිගතව දත්ත ලබාගන්නා බවට වන සැකයත් මතයි.

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »