Search

ඔස්ටේ්‍රලියාවේ රක්ෂණ සමාගම්වලින් වැදගත් තීන්දුවක්

රක්ෂණ වාරික ඉහළ දැමීම මාස කිහිපයකින් ප්‍රමාද කිරීමට ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන රක්ෂණ සමාගම් කිහිපයක් තීරණය කර තිබෙනවා.

මෙඩිබෑන්ක් – බූපා (Bupa) සහ NIB යන සමාගම් ඒ අතර වනවා.

බූපා විසින් සියයට 3.39 ක වාරික ඉහළ නැංවීම ජූලි 01 දා දක්වා අත්හිටුවා ඇති අතර එමගින් පාරිභෝගිකයන්ට ඩොලර් මිලියන 75 ක පමණ මුදලක් ඉතිරි වනු ඇතැයි අපේක්ෂිතයි.

NIB සමාගම විසින් සැළසුම් කර තිබූ වාරික ඉහළ දැමීම කල් දමා ඇත්තේ ලබන සැප්තැම්බර් 01 වනදා දක්වායි.

මෙඩිබෑන්ක් සමාගම නිවේදනය කලේ ලබන අප්‍රේල් 01 වනදාට නියමිතව තිබූ සියයට 2.96 ක වාරික වැඩි කිරීම ජූනි පළමුවනදා දක්වා කල් දමා ඇති බවයි.

Cash rate අගය ඉහළ දැමීමත් සමග පොළී අනුපාතික අගයන් ඉහළයාමෙන් මහජනතාවට එල්ල වී ඇති පීඩනය අවම කිරීමයි මෙහි අරමුණ වී ඇත්තේ.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »