ඔස්ටේ්‍රලියා Skilled Visa ආරාධනාපත් නිකුත් කිරීම පහළ අගයක

2022-23 වසර සඳහා වන ඔස්ටේ්‍රලියා නිපුණතා වීසා (Skilled Visa) වැඩසටහන යටතේ සියලුම ප්‍රාන්ත විසින් නිකුත් කර ඇති ආරාධනා පත්‍ර සංඛ්‍යාව අපේක්ෂිත ඉලක්කයන්ට වඩා සැළකිය යුතු පහළ අගයක පවතින බවට වාර්තා වනවා.

සංක්‍රමණ දෙපාර්තමේන්තු වාර්තා අනුව පසුගිය වසරේ ජූලි 01 දා සිට දෙසැම්බර් 31 වනදා දක්වා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් 491 වීසා කාණ්ඩය යටතේ නිකුත් කර ඇත්තේ ආරාධනාපත් (Invitations) 871 ක් පමණයි.

එය අපේක්ෂිත ඉලක්කයට වඩා ආරාධනා පත්‍ර 6,168 ක අඩුවක් වනවා.

190 වීසා කාණ්ඩය යටතේ මෙම කාලය තුළදී ආරාධනා පත් 2,375 ක් පමණක් නිකුත් කර ඇති අතර එය 6,700 ක අඩුවක් ලෙසටයි ගණන් බලා ඇත්තේ.

පසුගිය වසරේ අවසාන මාස 06 තුළදී වික්ටෝරියා ප්‍රාන්තය විසින් 491 වීසා කාණ්ඩය යටතේ ආරාධනා පත්‍ර 1,082 ක්ද 190 වීසා කාණ්ඩය යටතේ ආරාධනා පත්‍ර 4,105 ක්ද නිකුත් කර තිබුණා.

අපේක්ෂිත ආරාධනා පත්‍ර නිකුත් කිරීම අතින් අඩක ඉලක්කයක් හෝ සපුරා ඇත්තේ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය විසින් පමණක් බවයි සංක්‍රමණ දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »