වසර 08 කට පසු Australia Post මූල්‍ය වර්ෂයකදී අලාභයක

වසර 08 කට පසු මූල්‍ය වර්ෂයකදී අලාභයක් වාර්තා කිරීමට Australia Post සුදානම් වනවා.

පසුගිය වසරේ පළමු මාස 06 සඳහා ඔවුන් ලබා ඇත්තේ ඩොලර් බිලියන 4.69 ක ආදායමක් පමණක් වන අතර එය පෙර වසරේ අදාළ කාර්තුව හා සැසඳීමේදී සියයට 2.4 ක පහළයාමක්.

එමෙන්ම ශුද්ධ ලාභය ඩොලර් මිලියන 199.8 සිට ඩොලර් මිලියන 23.6 දක්වා සියයට 88.2 කින් අඩුවී ඇති බවයි Australia Post නිකුත්කර ඇති සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

ඔස්ටේ්‍රලියානුවන් විසින් ලිපි සහ පාර්සල් තැපෑලෙන් යැවීම අඩු කර ඩිජිටල් සන්නිවේදනයට යොමුවීම ඉහළගොස් තිබීම මීට ප්‍රධාන හේතු වී තිබෙනවා.

එමෙන්ම මෙහෙයුම් වියදම් ඉහළයාමත් – සේවක වැටුප් සියයට 06 කින් පමණ ඉහළ දැමීමත් මෙම පාඩුව සඳහා බලපා ඇති බවයි  Australia Post නිවේදනය කරන්නේ.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »