ඔස්ටේ‍රලියා පුහුණු වෛද්‍යවරුන් 1/5 ක් ක්ෂේත්‍රය අතහැර යාමට කැමැත්තෙන්

ඔස්ටේ‍රලියාව තුළ පුහුණු වෛද්‍යවරුන් අතුරින් 1/5 ක් පමණ සෞඛ්‍ය ක්ෂේත්‍රය අතහැර යාමට කැමැත්තෙන් පසුවන බව නවතම සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

අධික රාජකාරි සහ විවිධ පීඩාවන්ට ලක්වීම ඊට ප්‍රධාන හේතු ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

වෛද්‍යවරුන් 22,000 ක් පමණ යොදාගෙන මෙම සමීක්ෂණය සිදුකර තිබූ අතර එහිදී අනාවරණ වී ඇත්තේ සේවක හිගය හමුවේ 2021 වසරේ සිට පුහුණු වෛද්‍යවරුන්ට අධික රාජකාරි ප්‍රමාණයක් ඉටු කිරීමට සිදුවී ඇති බවයි.

සමීක්ෂණයට සහභාගීවූවන් අතුරින් 2/3 ක් පමණ සතියකට පැය 40 කට වඩා රාජකාරි කරන බවද – සියයට 10 ක් පමණ සතියකට පැය 60 කට වඩා සේවා කටයුතුවල නිරතවන බවද මෙහිදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම පසුගිය මාස 12 තුළදී කුමන හෝ හිංසනයකට – වාර්ගික ගැරහුමකට හෝ අපහාසයකට ලක්වූ පුහුණු වෛද්‍යවරුන් පිරිස සියයට 34 ක් පමණ වන බවටයි මෙහිදී හඳුනාගෙන ඇත්තේ.

ස්වදේශික ජනතාව සැළකීමේදී එම ප්‍රතිශතය සියයට 55 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබෙනවා.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »