2023 දී ඔස්ටේ්‍රලියාවේ විශ්වසනීයම සන්නාම එළි දකී

Kmart, Bunnings and Coles

2023 වසර සඳහා ඔස්ටේ්‍රලියාවේ වඩාත් විශ්වසනීයම වෙළඳ සන්නාමයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි පළමු ස්ථාන 06 ම වෙන් වී ඇත්තේ සිල්ලර වෙළඳාමට අදාළ සන්නාමයන් සඳහා වීම විශේෂත්වයක්.

පළමු ස්ථානය වුල්වර්ත්ස් වෙළඳ ජාලය සඳහාත් – දෙවන ස්ථානය කෝල්ස් සුපිරි වෙළඳ සැල් ජාලය වෙතත් – 03 වන ස්ථානය බනින්ග්ස් වෙළඳ සැල් ජාලය සඳහාත් ලැබී තිබෙනවා.

ඔස්ටේ්‍රලියානුවන් විසින් සිය විශ්වසනීයම වෙළඳ නාමය බවට 04 වන ස්ථානයට තෝරාගෙන ඇත්තේ ඇල්ඩි සුපිරි වෙළඳ සැල් ජාලයයි.

කේ-මාර්ට් 05 වන ස්ථානයටත් / මයර් 06 වන ස්ථානයටත් / ඇපල් සමාගම 07 වන ස්ථානයටත් පත්වී තිබෙනවා.

Big-W සුපිරි වෙළඳ සැල් ජාලය 08 වන ස්ථානයට නම් කර ඇති අතර – 09 වන ස්ථානය Australia Post විසින්ද – 10 වන ස්ථානය ටොයොටා සමාගම විසින්ද අත්කරගෙන ඇති බවයි අද නිකුත්වූ වාර්තාවල දැක්වෙන්නේ.

පසුගිය අවස්ථාවේදී 09 වන ස්ථානයට පත්වූ ක්වන්ටාස් ගුවන් සේවය මෙවර 40 වන ස්ථානය දක්වා පසුබෑමකට ලක්වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »