ඔස්ටේ්‍රලියාවේ ධනවත්ම කතගෙන් සේවකයන්ට $ මිලියන 4 ක උපන්දින තෑගි

හෙටට යෙදී ඇති සිය 69 වන උපන්දිනයේදී තෝරාගත් සේවකයන් 41 දෙනෙකු සඳහා ඩොලර් ලක්ෂය බැගින් තෑගි මුදල් පිරි නැමීමට ඔස්ටේ්‍රලියාවේ ධනවත්ම කාන්තාව වන ගිනා රයින්හාර්ට් තීරණය කර තිබෙනවා.

පතල් – බලශක්ති – කෘෂිකර්ම යන ක්ෂේත්‍රවල ඇයට අයත් සමාගම්වල සේවය කරන පිරිස 4,000 කට ආසන්නයි.

ඔවුන් අතුරින් රැෆල් ඩ්‍රෝ ක්‍රමයට තෝරාගන්නා සේවකයන් 41 දෙනෙකුට ඩොලර් ලක්ෂයක් බැගින් තෑගි පිරිනැමෙන අතර ඒ සඳහා වැය කෙරෙන සමස්ත මුදල ඩොලර් මිලියන 4.1 ක්.

ඒ අනුව සමස්ත සේවකයන් අතුරින් සියයට 01 කට මෙලෙස තෑගි මුදල් හිමිවනු ඇති.

මෙම සමාගම් සමූහයේ රැකියාව ආරම්භ කර වසර 41 ක් සම්පූර්ණ වීම සැළකිල්ලට ගෙනයි 41 දෙනෙකු තෝරා ගැනීමට තීරණය වී ඇත්තේ.

ගිනා රයින්හාර්ට් ගේ දළ වත්කම ඩොලර් බිලියන 34 ක් ලෙසටයි තක්සේරු කර ඇත්තේ.

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »