මෙල්බන් ප්ලාස්ටික් කම්හලක දරුණු ගින්නක්

මෙල්බන් ගිණිකොණ දිග කීස්බරෝ ප්‍රදේශයේ ප්ලාස්ටික් කම්හලක දරුණු ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ සඳහා ගිණි නිවීම් රථ 30 ක් පමණ යොදවා ඇති බව සඳහන්.

ගින්න පාලනය කිරීමෙන් පසුව වුවද අද දිනය පුරා ප්‍රදේශයේ දැඩි දුමාරයක් පවතිනු ඇති බවටයි බළධාරීන් විසින් අනතුරු අගවා ඇත්තේ.

එබැවින් හැකිතාක් දොර ජනෙල් වසා නිවෙස් තුළටම වී සිටින ලෙස කීස්බරෝ හි අදාළ කම්හල ආසන්නයේ වාසය කරන ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

සතියක් තුළ මෙල්බන් නගරයේ හටගත් 03 වන දරුණු ගින්න මෙයයි.

පසුගිය ඉරිදා ස්ප්‍රිංග්වේල් හි බෞද්ධ පන්සලක ගින්නක් හටගත් අතර පසුගිය සතියේදී එපිංග් ප්‍රදේශයේ අමතර කොටස් වෙළඳසැලක්ද ගින්නකින් විනාශයට පත්වුණා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »