නිවු සවුත් වේල්ස් වේග සීමා කැමරා සංඛ්‍යාව ඉහළට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වේග සීමා කැමරා සංඛ්‍යාව ඉහළ දැමීමට තීරණය වී තිබෙනවා.

අනතුරු ඇගවීම් සංඥා ඇතුළත් වාහන වැඩි දියුණු කිරීමෙන් අනතුරුව මාර්ග වෙත එක් කිරීමටයි ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත්තේ.

වේග සීමා කැමරා සහිත වාහනයට පෙර සහ පසු අනතුරු ඇගවීම් සංඥා ප්‍රදර්ශනය පසුගිය ජනවාරි පළමුවනදා සිට අනිවාර්ය කෙරුණා.

කෙසේවෙතත් එම සංඥා ප්‍රමාණයෙන් විශාලවීම හමුවේ වාහන තුළ ගෙන යාමට නොහැකිවීමෙන් වාහන නවීකරණයටයි පියවර ගැණුනේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සතු වේග සීමා කැමරා අනතුරු ඇගවීම් සංඥා ඇතුළත් වාහන ගණන 143 ක්.

ඉන් 38 ක් දැනටමත් සේවයට එක් කර ඇති අතර තවත් 60 ක් මෙම මාසය තුළදි මාර්ග වෙත එක් කිරීමට නියමිතයි.

2021 වසරේදී වේග සීමා කැමරා මගින් රියදුරන් 66,000 ක් හඳුනාගෙන තිබූ අතර එය පසුගිය දෙසැම්බරයේදී 8,000 ක් දක්වා අඩුවී තිබුණා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »