
මෙල්බන් හෝටලයක සවිකර තිබූ පෝකර් යන්ත්‍රයකට පහරදී විනාශ කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Bundoora හි Plenty Rd හි හෝටලයක පසුගිය දෙසැම්බර් 30 වනදා සැකකරු විසින් සිදුකර ඇති හානිය ඩොලර් 6,000 කට ආසන්න බවයි පැවසෙන්නේ.
මෙහිදී හෝටල් සේවකයෙකුද තුවාල ලබා තිබුණා.

අනතුරුව මෙම තැනැත්තා තවත් කාන්තාවකද සමග අදාළ ස්ථානයෙන් පිටව ගොස් ඇති බව සඳහන්.
අවුරුදු 20 – 30 ත් අතර වන මොහු පිළිබඳ තොරතුරක් වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.
