Search

අඛණ්ඩව 09 වන වරටත් ඔස්ටේ්‍රලියාවේ cash rate අගය ඉහළට

අඛණ්ඩව 09 වන වරටත් ෆෙඩරල් සංචිත බැංකුව විසින් cash rate අගය ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව පදනම් ඒකක 25 කින් හෙවත් සියයට 0.25 කින් cash rate අගය වැඩි කර ඇති අතර දැනට සියයට 3.1 ක් ලෙස පවතින එය සියයට 3.35 දක්වා මේ අනුව ඉහළ යනු ඇති.

දැනට ඩොලර් ලක්ෂ 05 ක නිවාස ණයක් ගෙවන අයෙකු මෙම ඉහළ දැමීමත් සමග ගෙවිය යුතු මාසික වාරිකයේ වැඩිවීම ඩොලර් 81 ක් ලෙසටයි තක්සේරු කර ඇත්තේ.

පසුගිය මැයි මාසයේ සිට සැළකිමේදී වාරික වැඩිවීම ඩොලර් 969 ක් හෙවත් වසරකට අමතරව ගෙවීමට සිදුවන මුදල ඩොලර් 11,628 ක් බවට පත්වනවා.

ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය සියයට 7.8 ක් දක්වා ඉහළගොස් තිබීම හමුවේ මෙම තීරණය ගැනීමට සිදුවූ බව ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ෆිලිප් ලෝ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී කියාසිටියා.

ලබන අගෝස්තු මාසය දක්වා cash rate අගය වැඩිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

අද සිදුකල වෙනසත් සමග බැංකු පොළී අනුපාතිකයන් වැඩිවන ප්‍රතිශත සහ දින වකවානු එක් එක් ප්‍රධාන බැංකුව විසින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇති.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »