
භූමිකම්පාවෙන් පීඩාවට පත්ව සිටින තුර්කි ජනතාව වෙනුවෙන් ඩොලර් මිලියන 10 ක මානුෂීය ආධාර සැපයීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩ සඳ සංවිධානය හරහා එම ප්‍රතිපාදන ලබාදීමට නියමිත බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ.
රික්ටර් මාපකයේ ඒකක 7.8 ක ප්‍රබල භූ චලනයක් ඊයේ අලුයම තුර්කියට බලපෑ අතර පැය කිහිපයකට පසු රික්ටර් මාපකයේ ඒකක 7.5 ක තවත් භූමිකම්පාවක්ද හටගෙන තිබුණා.

මෙම කම්පන හමුවේ දැනට තහවුරු වී ඇති මරණ සංඛ්‍යාව 3500 කට ආසන්න වන අතර එය තවත් කිහිප ගුණයකින් වැඩිවිය හැකි බවටයි සහන සේවා කණ්ඩායම් අනතුරු අගවන්නේ.
තුර්කිය මෙන්ම සිරියාවටද මෙහි බලපෑම් එල්ල වී තිබු අතර හානියට පත් ගොඩනැගිලි සංඛ්‍යාව 5600 ඉක්මවා ගොස් තිබෙනවා.

මේ අතර තුර්කි ජනතාව වෙනුවෙන් නවසීලන්තය විසින් ද ඩොලර් මිලියන 1.5 ක ආධාර මුදලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.