ශෙමාරා වික්‍රමනායක පිට පිට 02 වරටත් ඔස්ටේ්‍රලියාවේ වැඩිම වැටුප ලබන CEO වෙයි

අඛණ්ඩව දෙවන වරටත් ඔස්ටේ්‍රලියාවේ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරිනිය බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ෂෙමාරා වික්‍රමනායක පත්වී තිබෙනවා.

පසුගිය වසරේදී ඇයගේ දළ වැටුප ඩොලර් මිලියන 23.7 ක් ලෙසටයි තක්සේරු කර ඇත්තේ.

බලශක්තිය – ආයෝජන – බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රවල ලොව ප්‍රධාන සමූහයක් වන මැක(ර්)රි සමුහයේ ප්‍රධාන විධායක නිළධාරිනිය වන ශෙමාරා වික්‍රමනායක 2021 වසරේදී ලබා තිබූ දළ වැටුප ඩොලර් මිලියන 15.97 ක්.

ඒ අනුව 2021 වසරට වඩා පසුගිය වසරේදී ඇයගේ වැටුප් වැඩිවීම සියයට 49 ක්.

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් 200ක් අතරින් ප්‍රධාන විධායක තනතුරට පත් ප්‍රථම ආසියානු කාන්තාව මෙන්ම ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන කාන්තාව වන්නේද ෂෙමාරා වික්‍රමනායක යි.

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »