ඒරන් ෆින්ච් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ඔස්ටේ්‍රලියා පන්දුවාර 20 ක්‍රිකට් නායක ඒරන් ෆින්ච් තීරණය කර තිබෙනවා.

2011 වසරේදී පළමුවරට පන්දුවාර 20 තරග සඳහා සහභාගී වූ ඔහු වසර 12 ක් පමණ ටෙස්ට් තරග 05 කට – එක්දින තරග 146 කට සහ පන්දුවාර 20 තරග 103 කට ක්‍රීඩා කරනු ලැබුවා.

එයින් එක්දින හා පන්දුවාර 20 තරග 100 කට වැඩි සංඛ්‍යාවකදී ඔහු කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කලා.

2015 වසරේ එක්දින ලෝක කුසලානය මෙන්ම 2021 පන්දුවාර 20 ලෝක කුසලානය ඔස්ටේ්‍රලියාව දිනාගනු ලැබුවේද ඒරන් ෆින්ච් ගේ නායකත්වය යටතේයි.

2018 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ෆින්ච් විසින් රැස් කල ළකුණු 172, මෙතෙක් පන්දුවාර 20 තරගයකදී ක්‍රීඩකයෙකු රැස්කල වැඩිම ළකුණු සංඛ්‍යාවද වනවා.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »