ඔස්ටේ්‍රලියානුවන්ට තැපෑලෙන් එන අලුත්ම වංචාවක්

තැපැල් මාර්ගයෙන් ඔස්ටේ්‍රලියානුවන්ට ලැබෙන නවතම වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කර තිබෙනවා.

ටෙල්ස්ට්‍රා සමාගමෙන් බවට දැක්වෙන ලිපියක් පාරිභෝගිකයන්ට එවා මුදල් වංචා කිරීමයි මෙහිදී සිදුවන්නේ.

කිසියම් සයිබර් ප්‍රහාරයක් හමුවේ අදාළ පාරිභෝගිකයාගේ ගිණුමට අමතර මුදලක් බැරවී ඇති බවත් ඔහු හෝ ඇය විසින් එය දැනටමත් භාවිතයට ගෙන ඇති බවත් මෙහිදී වංචාකරුවන් විසින් දන්වනු ලබනවා.

අනතුරුව එම මුදල නැවත ලබාදෙන ලෙසට ගිණුම් අංකයක් යොමු කරවීමද සිදුවන බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙවැනි ලිපියක් ලදහොත් රැවටීමෙන් වළකින්නැයි ඉල්ලීමක් කෙරෙනවා.

වවිධ වංචාවලට හසුවීමෙන් ඔස්ටේ්‍රලියානුවන් විසින් පසුගිය වසරේදී අහිමි කරගෙන ඇති මුදල ඩොලර් මිලියන 474 කට අධිකයි.

ඉන් බහුතරය වන ඩොලර් මිලියන 320 ක් පමණ අහිමිවී ඇත්තේ විවිධ ආයෝජන වංචා හේතුවෙන් වන අතර ඩොලර් මලියන 32 ක් පමණ අහිමි කරගෙන ඇත්තේ ව්‍යාජ ආදර සබඳතාවලට හසුවීමෙනුයි.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »