නිවාස ණය වාරික ගෙවන්නන්ට වැදගත් තීන්දුව අද

මෙම වසරේ පළමු පොළී අනුපාතික වෙනස් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ෆෙඩරල් සංචිත බැංකුවේ විධායක මණ්ඩලය අද පෙරවරුවේ රැස්වනවා.

දැනට සියයට 3.1 ක් ලෙස පවතින cash rate අගය පදනම් ඒකක 40 කින් හෙවත් සියයට 0.4 කින් ඉහළ දැමීමට මෙහිදී තීරණය කෙරෙනු ඇති බව සඳහන්.

ඒ අනුව cash rate අගය සියයට 3.5 දක්වා ඉහළ යාමට නියමිතයි.

නිවාස ණය වාරික ගෙවන අයෙකුට මාසිකව ඩොලර් 150 ක පමණ අමතර පිරිවැයක් මෙහිදී දැරීමට සිදුවනු ඇති බවටයි ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අගවා සිටින්නේ.

අද කිසියම් අයුරකින් cash rate අගය ඉහළ ගියහොත් ඩොලර් ලක්ෂ 05 ක නිවාස ණයක් ගෙන ඇති අයෙකුට පසුගිය මැයි මාසයේ සිට වාරික වැඩිවීම ඩොලර් 1000 ක් පමණ වනු ඇති බවත් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

ලබන අගෝස්තු වනවිට ඔස්ටේ්‍රලියාවේ cash rate අගය සියයට 4.1 දක්වා ඉහළ යනු ඇති බවටද අනාවැකි පළවනවා.

මිතුරා අහිමි වූ Molly ගැන තීරණයක් ගනී

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සුප්‍රසිද්ධ වූ පොල්කිච්චෙකු වනජීවී බලධාරීන් විසින් සිය භාරයට ගැනීමෙන් පසු එම සත්වයා රැකබලා ගත් හිමිකරුවන් වෙත යළි ලබා දීමේ ව්‍යාපාරයකට ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැතිවරයෙකු සහාය ලබා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන පිරවුම්හලකට යනවා නම් මේ ගැන බලන්න අමතක කරන්න එපා

පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට පෙර මිල ගණන් දෙවරක් පරීක්ෂා කරන ලෙස ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැනුම්දීමක් කර තිබෙනවා.

Read More »

රක්ෂණයක් නැති ඔස්ට්‍රේලියානුවන්ට අවාසි සහගත තත්වයක්

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණයක් නොමැති ඔස්ට්‍රේලියානුවන්ට අත්‍යවශ්‍ය සැත්කම් සිදු කර ගැනීමට වසරකට වැඩි කාලයක් පොරොත්තු ලේඛන නැතිහොත් වේටින් ලිස්ට්හි රැඳී සිටීමට සිදුවන බව නවතම සමීක්ෂණයක දී තහවුරු වී තිබෙනවා.

Read More »

Online අයදුම්පතක් සම්පූර්ණ කරන්න තරුණ ප්‍රජාවට දැනුම්දීමක්

තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තම ආදායමින් හතරෙන් එකක් ග්‍රොසරි අයිතම මිලදී ගැනීම සඳහා වැය කරන බව හෙළිව තිබෙනවා.

Read More »