Search

ක්වීන්ස්ලන්ඩ්වලින් PR ගන්න පහසුම රැකියා මෙන්න

ගතවු මාස 12 තුළදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වැඩිම පුහුණු නිපුණතා වීසා නිකුත් කර ඇත්තේ වෛද්‍යවරුන් සහ සූපවේදීන් සඳහා බව තහවුරු වී තිබෙනවා.

ප්‍රාන්තයේ සෑම ප්‍රදේශයකම පාහේ ඔවුන්ට ඉහළ ඉල්ලුමක් පවතින බවටයි හඳුනාගෙන ඇත්තේ.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම දත්තවලට අනුව ක්වීන්ස්ලන්ඩ් සංක්‍රමණ වැඩසටහන යටතේ පසුගිය මාස 12 දී වැඩිම අයදුම්පත් මෙන්ම අනුමත කිරීම් ලැබී ඇත්තේද මෙම ක්ෂේත්‍ර 02 සඳහායි.

බ්‍රිස්බන් ඇතුලු ප්‍රදේශ රැසක පවතින සූපවේදීන්ගේ හිගය හේතුවෙන් ඇතැමුන්ට සෑම දිනකම පැය 12 කට ආසන්න කාලයක් එනම් සතියකට පැය 80 ක් පමණ සේවයේ නිරතවීමට සිදුවී ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම ක්වින්ස්ලන්ඩ් ප්‍රාදේශීය කලාපවල වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක් පවතින බවද සඳහන්.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »