බ්‍රිස්බන් බිස්නස්වලින් 75% ක් කරන වැරැද්දක්

බ්‍රිස්බන් නගරයේ ව්‍යාපාරික ස්ථානවලින් සියයට 75 ක් පමණ සේවකයන්ට අවම වැටුප නොගෙවන බවට හෙළි කරගෙන තිබෙනවා.

බ්‍රිස්බන් දකුණු ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන 77 ක මෑතකදී සිදුකල විමර්ශනයකදී හෙළිකරගෙන ඇත්තේ ඔවුන් ඩොලර් ලක්ෂ 04 ක පමණ මුදලක් සේවකයන්ට ගෙවා නොමැති බවයි.

එක් ස්ථානයක් විසින් සේවකයන් 68 දෙනෙකු සඳහා ගෙවීම පැහැර හැර ඇති මුදල ඩොලර් 80,258 ක්.

විශේෂයෙන් අවන්හල් සහ කැෆේ විසින් තරුණ තරුණියන් සේවයට යොදාගැනීමත් ඔවුන්ට නියමිත වැටුප් නොගෙවීමත් බහුලව දක්නට ලැබෙනවා.

කම්කරු නීති කඩකල බ්‍රිස්බන් හි සුෂි අවන්හලකට මෙම වසර මුළදී ඩොලර් 355,000 ක වාර්තාගත දඩයක්ද පණවනු ලැබුවා.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »