ඉදිරි වසර කිහිපය ඔස්ටේ්‍රලියානුවන්ට අසීරු කාලසීමාවක් – සංචිත බැංකුව

ඉදිරි වසර කිහිපය ඔස්ටේ්‍රලියානුවන්ට අසීරු කාලසීමාවක් වනු ඇතැයි ෆෙඩරල් සංචිත බැංකුව අනතුරු අගවනවා.

මාස 03 කට වරක් නිකුත් කරන මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ඔවුන් සඳහන් කරන්නේ සේවක වැටුප් වැඩිවීමක් ලබාදීමට 2024 වසරේ දෙවන අර්ධය පමණ වනු ඇති බවයි.

ලබන වසරේදී ආර්ථික වර්ධන වේගය සියයට 1.5 ක් වැනි අගයකට අඩුවනු ඇති බවයි ෆෙඩරල් සංචිත බැංකුව අනාවැකි පළකරන්නේ.

උද්ධමනය පූර්ණව යථා තත්වයට පත්වීමට 2025 වසර වනු ඇති බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ.

ෆෙඩරල් සංචිත බැංකුවේ විධායක මණ්ඩලය හෙට යළි රැස්වන අතර cash rate අගය යළිත් ඉහළ දැමීමට එහිදී තීන්දුවක් ගනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »