NSW සූදු සහ ඔට්ටු ව්‍යාපාර සඳහා නව නීති

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සූදු ක්‍රීඩා සහ ඔට්ටු ව්‍යාපාර සම්බන්ධයෙන් නව නීති මාලාවක් ප්‍රාන්ත රජය විසින් සම්මත කරගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්තයේ සියලුම පෝකර් යන්ත්‍ර ඉදිරි වසර 05 තුළදී මුදල් රහිත (cashless) තත්වයට පත් කල යුතුයි.

ඉදිරි මැතිවරණයේදී වත්මන් පාලක ලිබරල් පක්ෂය ජයගතහොත් මෙම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව අද පෙරවරුවේ සිඩ්නි නුවර පැවති මාධ්‍ය හමුවකදී ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ සඳහන් කලා.

සමාජ ශාලා තුළ පවතින පෝකර් යන්ත්‍ර 2,000 ක් පමණ ප්‍රාන්ත රජය විසින් ආපසු මිළදී ගැනීමටත් සැළසුම් කර තිබෙනවා.

එමෙන්ම නව නීති සම්මතවීමත් සමග ආදායම් අහිමිවිය හැකි සූදු මධ්‍යස්ථාන සහ ඔට්ටු ව්‍යාපාර වෙත ඩොලර් 50,000 ක ආධාරයක් ලබාදීමද තවත් යෝජනාවක්.

කලු සල්ලි හෙවත් අයථා අන්දමින් උපයාගත් මුදල් ඔට්ටු සහ සූදූ ව්‍යාපාර තුළ යෙදවීම අවම කිරීමයි මෙම සංශෝධනවල අරමුණ වී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »