පිට පිට 10 වන වසරටත් ඔස්ටේ්‍රලියාවේ ලිංගික හිංසන ඉහළට

ඔස්ටේ්‍රලියානු පොලිස් අංශ වෙත වාර්තාවන ලිංගික හිංසන සංඛ්‍යාව අඛණ්ඩව 10 වන වසරටත් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේදී ලිංගික අපචාර සම්බන්ධ පැමිණිලි 31,118 ක් වාර්තා වී ඇති අතර ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ 29 වසරක වාර්තා අනුව ඉහළම අගය එයයි.

මින් 2/3 ක්ම වයස අවුරුදු 18 ට අඩු දැරියන් හිංසනයන්ට ලක්වු සිදුවීම් වනවා.

2020 වසර හා සැසඳීමේදී වැඩිම ලිංගික හිංසන ප්‍රතිශතයක් සටහන්වී ඇති ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්ව තිබෙනවා.

එම ප්‍රතිශතය සියයට 35 ක්.

බටහිර ඔස්ටේ්‍රලියාවේ සියයට 17 ක් ලෙසද – වික්ටෝරියා හි සියයට 12 ක් ලෙසද ලිංගික අපරාධ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

Northern Territory හි අපචාර පැමිණිලි සංඛ්‍යාව 2020 වසරට සාපේක්ෂව සියයට 04 කින් පහළගොස් තිබීම විශේෂත්වයක්.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »