ශ්‍රී ලංකා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වේ.
20th Amendment to the Sri Lanka constitution passed.
ඊයේ(22/10) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීමෙන් වැඩි ඡන්දයෙන් එය සම්මත වුණි.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156 ක් සහ විපක්ෂව ඡන්ද 65 ක් හිමිවුණි.
20 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරිමේදි විපක්ෂය නියෝජනය කරමින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකුද පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම විශේෂත්වයක් වුණි.
ඒ අනුව ඩයනා ගමගේ, නසීර් අහමඩ්, ෆයිසාල් කාසිම්, ඉෂාක් රහුමාන්, අලි සබ්‍රි රහීම්, මොහොමඩ් හාරිස්, ඒ. අරවින්ද් කුමාර්, එම්.එස්. තව්ෆික් මන්ත්‍රීවරු මෙලෙස ඡන්දය ප්‍රකාශ කිරිම සිදුවුණි.
හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි බවයි වාර්තා වන්නේ.