රජයේ පාසල් අතහැර පුද්ගලික පාසල් වෙත යොමුවන ඔස්ටේ්‍රලියානු ගුරුවරුන් ඉහළට

වැටුප් ප්‍රමාණවත් නොවීම හමුවේ රජයේ පාසල්වල රැකියා අතහැර පුද්ගලික පාසල් වෙත යොමුවන ඔස්ටේ්‍රලියානු ගුරුවරුන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.

පසුගිය මාස 12 දී පළකර ඇති දැන්වීම් අනුව පුද්ගලික පාසලක ගුරුවරයෙකුගේ අවම වාර්ෂික වැටුප ඩොලර් 160,000 ක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

එය රජයේ පාසලක ගුරුවරයෙකු ලබන වැටුප හා සැසඳීමේදී සැළකිය යුතු වැටුප් වැඩිවීමක් බවද සඳහන්.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රජයේ පාසලක ගුරුවරයෙකු ලබන වැටුප ඩොලර් 113,000 ක් පමණ වන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ ඩොලර් 112,000 ක් පමණ වනවා.

කෙසේවෙතත් ප්‍රාන්ත රජයන්ගේ අයවැය අනුව රජයේ පාසල්වල ගුරුවරුන්ට පුද්ගලික පාසල්වල තරම් වැටුප් ගෙවිය නොහැකි බවටයි තක්සේරු කර ඇත්තේ.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »