Search

බටහිර ඔස්ටේ්‍රලියාවේ ගිණි අවි නීති දැඩි වෙයි

ගිණි අවි මිළදී ගැනීම සඳහා අපේක්ෂාවෙන් සිටින ඕනෑම අයෙකුට බලපැවැත්වෙන පරිදි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විසින් නව නියමයක් පණවා තිබෙනවා.

ඒ අනුව ඔවුන් අනිවාර්ය මානසික පරීක්ෂණයක ලක්වීම අනිවාර්ය වනු ඇති.

බටහිර ඔස්ටේ‍රලියාවේ වසර 50 ක් පමණ පැරණි ගිණි අවි රෙගුලාසි වර්තමානයට ගැලපෙන අයුරින් ප්‍රතිසංස්කරණයට ලක් කිරීමේ වැඩපිළිවෙලේ එක් අධියරක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ.

වෙඩි වැදීම් හමුවේ බටහිර ඔස්ටේ්‍රලියාවේ පසුගිය වසර තුළදී පුද්ගල මරණ 20 ක් වාර්තා වූ අතර ඉන් අඩකට පමණ හේතුවී තිබුණේ මානසික ගැටලු බව සඳහන්.

ගිණි අවි සම්බන්ධයෙන් මෙවැනි දැඩි නීති මාලාවක් පණවන ඔස්ටේ්‍රලියාවේ පළමු ප්‍රාන්තය බවටද මේ අනුව බටහිර ඔස්ටේ්‍රලියාව පත්වනවා.

කිසියම් අයෙකුට ගිණි අවියක් ලබාගැනීමට අවශ්‍යනම් පළමුවෙන් මානසික සෞඛ්‍ය වාර්තාවක් ලබාගත යුතු අතර අවසන් අනුමැතිය ලබාදීම බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විසින් සිදුකරනු ඇති.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »